සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා මධ්‍යස්ථානය (BES) නවීන පහසුකම්වලින් සන්නද්ධව ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව නිල වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට භාරදීම ඊයේ (16) සිදු කෙරිණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට ශ්‍රී ලංකාවේ කොරියානු තානාපතිනි මියොන් ලී මහත්මිය ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
කොරියා ජාත්‍යන්තර සෞඛ්‍ය සේවා පදනමේ (KOFIH) මූල්‍ය දායකත්වයෙන් මෙම මධ්‍යස්ථානයේ නව ශ්‍රවණාගාරයක් ඉදිකිරීම ඇතුළු ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා රුපියල් මිලියන 501කට අධික මුදලක් වැය කර ඇත. මීට අමතරව, දිවයිනේ විවිධ පළාත් සභා යටතේ පවතින ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා ඒකක වෙත අවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ උපකරණ සහ අලුත්වැඩියා මෙවලම් බෙදා දීම සඳහා තවත් රුපියල් මිලියන 228ක් වැය කර තිබේ.
උත්සවයේදී අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, රෝගී ප්‍රතිකාර සේවාවන්හිදී වෛද්‍ය උපකරණවල නඩත්තුව සහ අඛණ්ඩ ක්‍රියාකාරිත්වය ඉතා තීරණාත්මක බවයි. එම්.ආර්.අයි (MRI), සී.ටී (CT) ස්කෑනර් වැනි නවීන තාක්ෂණික උපකරණ ලක්ෂ පහකට අධික ප්‍රමාණයක් නඩත්තු කිරීමේ වගකීම මෙම අංශය සතු බවත්, නව පහසුකම් සමඟ එම සේවාව තවදුරටත් විධිමත් වන බවත් ඔහු පැවසීය.
මෙම ව්‍යාපෘතිය ඇමරිකානු ඩොලර් මිලියන 7.2ක ප්‍රදානයක් යටතේ ක්‍රියාත්මක වන අතර, වෛද්‍ය උපකරණ ඉන්වෙන්ටරි කළමනාකරණය, ජංගම වැඩහල් වාහන සැපයීම සහ කාර්ය මණ්ඩල ධාරිතා වර්ධනය සඳහා වන පශ්චාත් උපාධි වැඩසටහන් ද මෙයට ඇතුළත් වේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර