පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව සහ එවකට පැවති ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.
මෙම නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත්තේ පසුගියදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදීය.
අදාළ නිර්දේශ ක්‍රියාත්මක කිරීම හරහා අනාගතයේදී මෙවැනි සිදුවීම් වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීම රජයේ අපේක්ෂාවයි.
මෙම කමිටුව හරහා අදාළ නිර්දේශ කඩිනමින් සහ විධිමත් ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කෙරෙනු ඇත.
