නවීන තාක්ෂණය භාවිත කරමින් රජයේ සංවර්ධන වැඩසටහන් සහ ජාතික මට්ටමේ තොරතුරු ජනතාව වෙත වඩාත් කාර්යක්ෂමව ප්‍රචාරය කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.

මෙම වැඩසටහන යටතේ රජයේ සියලුම අමාත්‍යාංශවල නිල තොරතුරු පැය 24 පුරාම යාවත්කාලීන කිරීමට පියවර ගෙන තිබේ. සමාජ මාධ්‍ය තුළ පවතින නිවැරදි තොරතුරු හිඟය මඟහරවා ගනිමින්, ජනතාවට විශ්වාසවන්ත තොරතුරු ලබා දීම මෙහි මූලික අරමුණයි.

එමෙන්ම, 2026 වසර සඳහා මාධ්‍යවේදීන් වෙත ලබා දෙන මාධ්‍ය ප්‍රතීතන අයදුම්පත් ඇතුළු සේවාවන් රැසක් මේ වන විට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු වෙබ් අඩවිය හරහා ලබා ගත හැකිය.

රටේ ජාතික මට්ටමේ සිට ග්‍රාමීය මට්ටම දක්වා තොරතුරු ගලායාම ශක්තිමත් කිරීම සඳහා මෙම ඩිජිටල් වේදිකාවන් උපයෝගී කරගන්නා බව දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version