යාපනය – නුවර ප්‍රධාන මාර්ගයේ පූනෑව, ගල්කන්දේගම ප්‍රදේශයේදී අද (17) අලුයම සිදුවූ දරුණු රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

නොරොච්චෝලේ සිට මුලතිව් බලා ගමන් කරමින් තිබූ ධීවරයින් පිරිසක් රැගත් ලොරි රථයක් මාර්ගයේ නවතා තිබියදී, පසුපසින් පැමිණි පොහොර ප්‍රවාහනය කළ ලොරි රථයක් එහි ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

පොහොර ලොරි රථය ගැටීමත් සමඟ ධීවරයින් සිටි ලොරි රථය පෙරළී ගොස් ඇති අතර, එම ස්ථානයේදීම දෙදෙනෙකු මියගොස් ඇත. මියගිය අය නොරොච්චෝලේ පදිංචි වයස අවුරුදු 35 සහ 43 යන වයස්වල පසුවන්නන් බව පූනෑව පොලීසිය පවසයි.

අනතුරින් බරපතළ තුවාල ලැබූ තවත් පුද්ගලයෙකු වව්නියාව මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔහුගේ තත්ත්වය බරපතළ බව වෛද්‍යවරුන් සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් පූනෑව පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version