ඓතිහාසික කළාවැව ජලාශයේ දොරටු රහිත වාන් මගෙහි (Ungated Spillway) වසර 42කට අධික කාලයක් පැවති ජල කාන්දුවීම් යථා තත්ත්වයට පත් කිරීමේ ව්‍යාපෘතිය පසුගියදා නිල වශයෙන් ආරම්භ කෙරිණි. රුපියල් මිලියන 75ක ආයෝජනයකින් ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය මගින් මහවැලි එච් කලාපයේ ගොවිබිම් රැසකට ජලය සපයන ජලාශයේ ආරක්ෂාව තහවුරු කිරීමට නියමිතය.
මෙම ප්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් ජලාශයේ ජල මට්ටම අඩු කරනු ඇතැයි ගොවි ජනතාව අතර පැතිර යන කටකතා සම්බන්ධයෙන් අමාත්‍ය සුසිල් රණසිංහ මහතා විශේෂ පැහැදිලි කිරීමක් සිදු කළේය. “ප්‍රතිසංස්කරණය සඳහා කිසිදු අයුරකින් වතුර අඩු කිරීමට සූදානමක් නැහැ. ජල මට්ටම අඩුවන ප්‍රමාණය මත පමණක් ඉදිකිරීම් කටයුතු සිදු කෙරෙනවා,” යැයි ඔහු අවධාරණය කළේය.
සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන අසත්‍ය තොරතුරු හේතුවෙන් ගොවීන් තුළ අනියත බියක් ඇති වී ඇති බවත්, ජලාශය කැඩී යාමට ආසන්න බවට පළවන වාර්තා අසත්‍ය බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මෙම කාර්යය සඳහා යොදාගන්නා රසායනික ද්‍රව්‍ය ජලයට මුසු නොවන බවත්, එමගින් පානීය ජලයට හෝ කෘෂිකර්මාන්තයට කිසිදු හානියක් සිදු නොවන බවත් ඉංජිනේරුවන් තහවුරු කර ඇත.
ලෝක බැංකු සහ ශ්‍රී ලංකා රජයේ මූල්‍ය දායකත්වයෙන් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය, ඒකාබද්ධ ජල ඵලදායීතා සහ ජල සම්පත් කළමනාකරණ ව්‍යාපෘතියේ (IWWRMP) අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් මෙහෙයවනු ලබයි. වසර ගණනාවක් පැවති මෙම තාක්ෂණික ගැටලුවට ස්ථිරසාර විසඳුමක් ලබා දීම රජයේ ප්‍රමුඛතාවක් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර