මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුද ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ඉන්ධන සැපයුම් දාමයට ඇතිවිය හැකි අභියෝග පිළිබඳව රජයේ අවධානය යොමුව තිබේ.
මෙම තත්ත්වය හමුවේ ඉන්ධන හිඟයක් ඇතිවීම වැළැක්වීම සඳහා අවශ්‍ය පූර්ව සූදානම් කටයුතු සහ උපායමාර්ගික පියවර අනුගමනය කිරීමට අදාළ අංශ වෙත උපදෙස් ලබා දී ඇත.
ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉන්ධන මිල සහ සැපයුම් රටාවන්හි සිදුවන වෙනස්කම් පිළිබඳව රජය නිරන්තරයෙන් අධීක්ෂණය කරමින් සිටින අතර, රටේ බලශක්ති අවශ්‍යතාව බාධාවකින් තොරව පවත්වාගෙන යාම ප්‍රමුඛතාවක් ලෙස සලකයි.
පවතින ගෝලීය අර්බුදකාරී වාතාවරණය හමුවේ මෙරට ඉන්ධන සංචිත කළමනාකරණය කරගැනීම සහ විකල්ප සැපයුම් මාර්ග පිළිබඳව ද රජය විශේෂ අවධානයක් යොමු කර ඇත.
