ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය විසින් නිකුත් කළ නිවේදනයකට අනුව, මහර සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට අද (19) පෙරවරුවේ සිට හදිසි ජල කප්පාදුවක් ක්‍රියාත්මක වේ.

මෙම ජල සැපයුම අත්හිටුවීම හෙට (20) පෙරවරු 8.00 දක්වා පැය 24ක කාලයක් පුරා ක්‍රියාත්මක වනු ඇත.

කඩවත මධ්‍යම අධිවේගී මාර්ගය ආසන්නයේ පිහිටි ප්‍රධාන ජල සැපයුම් නල මාර්ගයක හදිසියේ ඇතිවූ බිඳවැටීමක් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව ජල සම්පාදන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.

අදාළ අලුත්වැඩියා කටයුතු කඩිනමින් අවසන් කර යළි ජල සැපයුම ලබා දීමට කටයුතු කරන බවත්, ඒ සම්බන්ධයෙන් පාරිභෝගිකයන්ගෙන් සමාව අයදින බවත් එම මණ්ඩලය පවසයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version