ජනප්‍රිය ගායිකා කාංචනා අනුරාධිගේ නවතම ගීත නිර්මාණය වන ‘මනමාල කතා’ මේ වන විට ප්‍රේක්ෂකයන් අතර ඉහළ ජනප්‍රියත්වයක් ලබා තිබේ. නැරඹුම් වාර මිලියන දෙකකට ආසන්න සංඛ්‍යාවක් ඉක්මවා ගොස් ඇති මෙම ගීතය, ජනශ්‍රැතිය සහ කළුකුමාර සංකල්පය පාදක කරගනිමින් නිර්මාණය වූවකි.
මෙම ගීතයේ සංගීත නිර්මාණය ප්‍රවීණ සංගීතවේදී රෝහණ වීරසිංහ මහතා විසින් සිදුකර ඇති අතර, ගීතයේ එන විශේෂ මන්ත්‍ර කොටස සඳහා රංගන ශිල්පී සජිත ඇන්තනී සිය දායකත්වය ලබා දී ඇත. ගීතයේ රූප රචනය තුළ කළුකුමාරයාගේ චරිතයට පණ පොවන්නේද ඔහු විසිනි.
ගීතය එළිදැක්වීමේ උත්සවයේදී සජිත ඇන්තනී විසින් කාංචනා අනුරාධිට නව සිනමා නිර්මාණයකට ආරාධනා කර තිබේ. කළුකුමාරයා තේමා කරගනිමින් නිර්මාණය කිරීමට නියමිත එම චිත්‍රපටයේ ප්‍රධාන නිළිය ලෙස කාංචනා තෝරාගෙන ඇති බව ඔහු ප්‍රකාශ කර ඇත.
තම සංගීත දිවියේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස මෙම නිර්මාණය හඳුන්වන කාංචනා, සජිතගේ සිනමා ආරාධනය පිළිබඳව මේ වන විට අධ්‍යයනයක නිරත වෙමින් සිටින බව පවසයි. මීට පෙරද විවිධ සිනමා නිර්මාණ සඳහා ආරාධනා ලැබුණද, සංගීත ක්ෂේත්‍රයේ රැඳී සිටීමට ඇය තීරණය කර තිබුණි.
2016 වසරේ වසරේ හොඳම සාම්ප්‍රදායික ජන ගී ගායිකාව ලෙස සම්මාන ලැබූ ඇය, ඉදිරියේදී තම පළමු ගීත ඇල්බමය නිකුත් කිරීමට බලාපොරොත්තුවෙන් සිටී. චිත්‍රපට කිහිපයකම පසුබිම් ගායනයෙන් දායක වී ඇති කාංචනා, ඉදිරි කාලයේදී එම නිර්මාණ ප්‍රේක්ෂකයන් හමුවට ගෙන ඒමට සූදානමින් සිටින බව වැඩිදුරටත් සඳහන් කළාය.
