සමාජයේ සිදුවන සමස්ත පරිවර්තනයන් සහ නව අභියෝග හමුවේ ශාසනික ප්රබෝධය උදෙසා පිරිවෙන් අධ්‍යාපන ක්‍රමය තවදුරටත් ශක්තිමත් කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි. ඇය මේ බව සඳහන් කළේ පල්ලෙකැලේ SIBA පරිශ්‍රයේ පැවති ජාතික පිරිවෙන් දින රාජ්‍ය මහෝත්සවයට එක්වෙමිනි.
පිරිවෙන් සහ පාසල් අධ්‍යාපනය අතර පවතින වෙනස නිසි ලෙස වටහාගෙන පිරිවෙන් අධ්‍යාපනයේ ගුණාත්මක වෙනස්කම් සිදු කිරීමේ වැදගත්කම අග්‍රාමාත්‍යවරිය මෙහිදී පෙන්වා දුන්නාය. නවීන ලෝකයේ සංකීර්ණ අභියෝග ජයගත හැකි ශක්තිමත් සඟ පරපුරක් බිහිකිරීම සඳහා අධ්‍යාපන ක්‍රියාවලිය යාවත්කාලීන කිරීම කාලීන අවශ්‍යතාවක් බව ඇය අවධාරණය කළාය.
පිරිවෙන් අධ්‍යාපනයේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමේදී මහා සංඝරත්නයේ මූලිකත්වය සහ මගපෙන්වීම අත්‍යවශ්‍ය බව ද අග්‍රාමාත්‍යවරිය කියා සිටියාය. මේ වන විටත් අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යාපන අංශය සමඟ ඒ පිළිබඳ සාකච්ඡා ආරම්භ කර ඇති බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
පූජ්‍ය මාදෝවිට වජිර බුද්ධි ස්වාමීන්වහන්සේගේ අනුශාසනා පරිදි සංවිධානය කෙරුණු මෙම රාජ්‍ය මහෝත්සවයේදී පිරිවෙන් අධ්‍යාපනය වෙනුවෙන් විශිෂ්ට සේවයක් ඉටු කළ මහා සංඝරත්නය වෙත උපහාර පුද කිරීම ද සිදු විය. මෙම අවස්ථාවට මැති ඇමතිවරුන්, රාජ්‍ය නිලධාරීන් සහ පිරිවෙන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශාල පිරිසක් එක්ව සිටියහ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර