ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ අමාත්‍යාංශ ලේකම්වරුන් අතර හමුවක් ඊයේ (19) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
මෙම හමුවේදී අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ කාර්යසාධනය ඇගයීම සඳහා වන කාර්යසාධන ගිවිසුම් අත්සන් තැබීම සිදු වූ අතර, ඉදිරියේදී වසරකට දෙවතාවක් මෙම කාර්යසාධනයන් සමාලෝචනය කිරීමට ද තීරණය කෙරිණි.
අමාත්‍යාංශ සඳහා වෙන් කර ඇති ප්‍රාග්ධන අයවැය ප්‍රතිපාදන භාවිතය, දැනට ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ මෙම වසර තුළ අවසන් කිරීමට නියමිත ව්‍යාපෘති කඩිනම් කිරීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
එමෙන්ම, විදේශීය ආයෝජකයන් මුහුණ දෙන ගැටලු නිරාකරණය කරමින්, මෙරට ව්‍යාපෘති ප්‍රමාදයකින් තොරව ආරම්භ කිරීමට අවශ්‍ය පහසුකම් කඩිනමින් සලසා දීමේ වැදගත්කම පිළිබඳව ද අවධානය යොමු විය.
මීට අමතරව, රාජ්‍ය අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු ඩිජිටල්කරණයට ලක් කිරීමේ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ සකස් කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර