වර්තමාන කලා ක්ෂේත්‍රය තුළ විවිධ හැකියාවන්ගෙන් හෙබි නවක තරු රැසක් බිහිවෙමින් පවතී. ඒ අතරින් සූපවේදී වෘත්තියේ නිරත වෙමින් සංගීතයට සහ නිරූපණයට දැඩි ඇල්මක් දක්වන සෙතික අනුසර පූජිත සිල්වා විශේෂිත තරුණයෙකි.
හෝමාගම පදිංචි විසිඑක් හැවිරිදි සෙතික සිය මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයෙනි. පාසල් සමයේ සිටම සංගීතයට දැඩි ලැදියාවක් දැක්වූ ඔහු, පාසලේ භක්ති ගීත කණ්ඩායම සහ බටහිර තූර්ය වාදක කණ්ඩායම නියෝජනය කරමින් සිය දක්ෂතා ප්‍රදර්ශනය කර ඇත.
සංගීත විෂයෙහි ශාස්ත්‍රීය අධ්‍යාපනයක් ලබා ඇති ඔහු, ප්‍රේමදාස මුදුන්කොටුව මහතා යටතේ භාත්ඛණ්ඩ සංගීත විභාගයට පෙනී සිට ඇති අතර, සංඛ මල්ලවාරච්චි මහතා යටතේ ගිටාර් වාදනය පිළිබඳව වැඩිදුර හදාරා ඇත.
පාසල් අධ්‍යාපනයෙන් අනතුරුව සූපවේදය හදාරා ඇති සෙතික, දැනට වෘත්තීය මට්ටමේ සූපවේදියෙකු (Chef) ලෙස සේවය කරයි. සිය වෘත්තීය ජීවිතය සාර්ථකව පවත්වාගෙන යන අතරම, ඉදිරියේදී නිරූපණ ක්ෂේත්‍රයෙන් සහ ගිටාර් වාදනයෙන් කලාවට යම් දායකත්වයක් ලබා දීම ඔහුගේ අපේක්ෂාවයි.
