පාසල් සිසුන්ගේ ශාරීරික වර්ධනයට හා සෞඛ්‍යයට අහිතකර බලපෑම් එල්ල කරන සැකසූ ආහාර වර්ග පාසල් ආපනශාලා තුළ අලෙවි කිරීම තහනම් කර ඇති බව විශේෂඥ වෛද්‍ය බුද්ධික සුදසිංහ මහතා පවසයි. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

මෙම තීරණයට අනුව, සොසේජස්, මීට්බෝල්ස් සහ බේකන් වැනි සැකසූ මස් වර්ග මෙන්ම බර්ගර්, හොට් ඩෝග් සහ පීසා වැනි ක්ෂණික ආහාර පාසල් තුළ අලෙවි කිරීම තහනම් වේ. තවද, ක්‍රීම් පෆ්, පේස්ට්‍රි සහ තෙලේ බැදපු කෙටි ආහාර ද මෙම තහනමට ඇතුළත් කර ඇත.

ඊට අමතරව, අධික සීනි සහිත රසකැවිලි, චුයින්ගම්, ජෙලි, අයිස් පැකට් සහ කෘතිම වර්ණක සහිත පැකට් කළ පාන වර්ග සහ කාබනීකෘත සිසිල් බීම අලෙවිය ද නව රෙගුලාසි යටතේ නතර කර තිබේ. ක්ෂණික නූඩ්ල්ස් සහ සුප් කැට වැනි ආහාර ද මෙම ලැයිස්තුවට අයත් වේ.

කුඩා කල සිටම දරුවන් බෝ නොවන රෝගවලින් ආරක්ෂා කර ගැනීම සහ ඔවුන් තුළ සෞඛ්‍ය සම්පන්න ආහාර පුරුදු ඇති කිරීම මෙම පියවරේ ප්‍රධාන අරමුණ බව විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version