අප්‍රිකානු රාජ්‍යයක් වන නයිජර්හි පිහිටි ඩියෝරි හමානි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉලක්ක කර ගනිමින් සන්නද්ධ පිරිසක් විසින් එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් 35 දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරන පරිදි, මෙම ප්‍රහාරය හේතුවෙන් කැරලිකරුවන් 22 දෙනෙකු, හමුදා සෙබළුන් 11 දෙනෙකු සහ සිවිල් වැසියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ගුවන්තොටුපොළ පරිශ්‍රයට කඩා වැදුණු සන්නද්ධ කණ්ඩායම සහ ආරක්ෂක අංශ අතර දරුණු වෙඩි හුවමාරුවක් හටගෙන ඇත.

සිද්ධියේ වගකීම අල්-කයිඩා සංවිධානයට සම්බන්ධ ‘ජමාත් නුස්රත් අල්-ඉස්ලාම් වල්-මුස්ලිමින්’ (JNIM) නම් සන්නද්ධ කණ්ඩායම විසින් භාරගෙන ඇති බව වාර්තා වේ.

පසුගිය මාස පහක කාලය තුළ නයිජර් රාජ්‍යයේ වාර්තා වූ දෙවන ප්‍රධාන ප්‍රහාරය මෙය වේ. ප්‍රහාරයෙන් පසු ගුවන්තොටුපොළේ ආරක්ෂාව තර කිරීමට එරට බලධාරීන් පියවර ගෙන ඇත.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version