පසුගියදා පැවති G7 රාජ්‍ය නායක සමුළුව අතරතුර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලොනි අතර සිදුවූ බව කියන සිදුවීමක් මුල් කරගනිමින් දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් නිර්මාණය වී ඇත.

ඉතාලි මාධ්‍යයක් සමඟ පැවති සාකච්ඡාවකදී ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුණේ, එම සමුළුවේදී තමන් සමඟ ඡායාරූපයක් ගැනීමට ඉතාලි අග්‍රාමාත්‍යවරිය විසින් ආයාචනා කළ බවත්, එම අවස්ථාව ඇයව සතුටට පත් කරන්නට ඇති බවත්ය.

කෙසේ වෙතත්, මෙම ප්‍රකාශය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින් ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලොනි සිය එක්ස් (X) ගිණුම හරහා ප්‍රතිචාර දක්වා තිබේ. තමන් හෝ තම රට කිසිදු අවස්ථාවක වෙනත් පාර්ශවයකින් එවැනි ඉල්ලීම් සිදු නොකරන බවත්, ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සාවද්‍ය එකක් බවත් ඇය අවධාරණය කළාය.

මිත්‍ර පාර්ශවයන් වෙත අමෙරිකානු ජනාධිපතිවරයා මෙවැනි අපහසාත්මක ප්‍රකාශ සිදුකිරීම කණගාටුදායක බව පෙන්වා දෙන ඉතාලි අග්‍රාමාත්‍යවරිය, මෙය මෙවැනි සිදුවීමක් වාර්තා වූ පළමු අවස්ථාව නොවන බවද සඳහන් කරයි.

මෙම මතභේදාත්මක තත්ත්වය හේතුවෙන් ඉතාලි විදේශ කටයුතු අමාත්‍ය ඇන්තෝනියෝ තජානි විසින් අමෙරිකාවේ සිදුකිරීමට නියමිතව තිබූ සිය නිල සංචාරයද අවලංගු කර තිබේ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version