ලොව වැඩිම HIV ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන දකුණු අප්‍රිකාවේ ක්‍රියාත්මක HIV මර්දන වැඩසටහන් සඳහා අමෙරිකාව විසින් ලබාදෙන අරමුදල් අත්හිටුවීමට තීරණය කර ඇත.

එරට තුළ වෙසෙන සුළුතර සුදු ජාතික ප්‍රජාව ආරක්ෂා කිරීමට දකුණු අප්‍රිකානු රජය අපොහොසත් වී ඇති බවට එල්ල වන චෝදනා මෙම තීරණයට ප්‍රධාන හේතුව වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කෙසේ වෙතත්, මෙම චෝදනා දකුණු අප්‍රිකානු බලධාරීන් විසින් මීට පෙර කිහිප අවස්ථාවකදීම ප්‍රතික්ෂේප කර තිබුණි.

ජනාධිපති හදිසි අරමුදල හරහා 2025 වසර දක්වා වාර්ෂිකව ඩොලර් මිලියන 400ක පමණ මුදලක් දකුණු අප්‍රිකාවට හිමිව තිබුණි. මිලියන 8කට අධික HIV ආසාදිතයින් පිරිසක් සිටින දකුණු අප්‍රිකාවට මෙම තීරණය දැඩි බලපෑමක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලන සමය තුළ දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යම් පසුබෑමකට ලක්ව ඇති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version