හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ සුගීශ්වර බණ්ඩාර මහතා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් පසුගියදා අත්අඩංගුවට ගනු ලැබීය. ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ දූෂණ විරෝධී කමිටුව වෙත ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම පියවර ගෙන ඇත.
සැකකරුට එරෙහිව එල්ල වී ඇති ප්‍රධාන චෝදනාව වන්නේ හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කරමින්ම, තවත් පාලන සමයක ජනාධිපති ලේකම් කාර්යාලයේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු ලෙස සේවය කරමින් වැටුප් දෙකක් ලබා ගැනීමයි.
මීට අමතරව රාජ්‍ය දේපළ අයුතු ලෙස පරිහරණය කිරීම, ඉන්ධන සහ වාහන වංචා කිරීම, අනුමැතියකින් තොරව රාජ්‍ය දීමනා ලබා ගැනීම සහ රාජ්‍ය අරමුදල් දේශපාලන අරමුණු වෙනුවෙන් වැය කිරීම වැනි බරපතළ චෝදනා රැසක් ඔහුට එරෙහිව ගොනු කර තිබේ.
මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ මතවාද පළ වුවද, නාස්තිය හා දූෂණය යනු රටක ආර්ථිකයට සහ සමාජ සංවර්ධනයට දැඩි බලපෑමක් එල්ල කරන සාධකයක් බව අවධාරණය කළ යුතුය. රාජ්‍ය සම්පත් අයුතු ලෙස භාවිත කිරීම හේතුවෙන් අවසානයේ බර පැටවෙන්නේ සාමාන්‍ය ජනතාව මතය.
රට තුළ පවතින දූෂණ හා නාස්තිකාර ක්‍රියාවන් පිටුදැකීම ජාතික අවශ්‍යතාවක් බවට පත්ව තිබේ. සුගීශ්වර බණ්ඩාර මහතාට එරෙහිව සිදුවන මෙම විමර්ශනය, රාජ්‍ය මූල්‍ය විනය සහ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමේ ක්‍රියාවලියේ තවත් එක් පියවරක් ලෙස සැලකිය හැකිය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර