දේශීය කෘෂිකර්මාන්තය නවීන තාක්ෂණයෙන් සවිබල ගැන්වීමේ අරමුණින් බ්‍රවුන්ස් කෘෂි අංශය විසින් දිවයින පුරා ක්‍රියාත්මක කරන ට්‍රැක්ටර් සේවා කඳවුරු වැඩසටහන මේ වන විට සාර්ථක ප්‍රතිඵල අත්කර ගෙන තිබේ. ගොවි මහතුන්ගේ ට්‍රැක්ටර් රථවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ නඩත්තු කටයුතු පහසු කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණයි.
මේ වන විට දිවයින පුරා සේවා කඳවුරු 150කට අධික සංඛ්‍යාවක් පවත්වා ඇති අතර, එමගින් ට්‍රැක්ටර් 3,000කට වැඩි ප්‍රමාණයක් පරීක්ෂා කර සේවා වාර 45,000කට අධික සංඛ්‍යාවක් සම්පූර්ණ කිරීමට බ්‍රවුන්ස් ආයතනය සමත්ව ඇත. කන්නයක් ආරම්භ වීමට පෙර යන්ත්‍රෝපකරණවල දෝෂ හඳුනාගෙන ඒවා නිවැරදි කර ගැනීම ගොවීන්ට විශාල සහනයකි.
මෙම සේවා කඳවුරු හරහා විශේෂ පුහුණුව ලත් කාර්මික ශිල්පීන්ගේ සේවාව ලබා ගැනීමටත්, නියම අමතර කොටස් මිලදී ගැනීමටත් ගොවීන්ට අවස්ථාව උදාවේ. බ්‍රවුන්ස් සමාගමෙන් මිලදී නොගත් ට්‍රැක්ටර් රථ සඳහා පවා මෙම සේවාවන් නොමිලේ ලබා දීම විශේෂත්වයකි.
ට්‍රැක්ටර් නඩත්තුවට අමතරව නවීන කෘෂි යන්ත්‍රෝපකරණ පිළිබඳ දැනුවත් වීමටත්, පහසු ගෙවීමේ ක්‍රම යටතේ ඒවා මිලදී ගැනීමටත් මෙහිදී අවස්ථාව සලසා දී ඇත. ප්රමුඛ පෙළේ මූල්‍ය ආයතනවල සහභාගීත්වය ද ඇතිව ගොවීන්ට අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබා ගැනීමට ද මෙම කඳවුරු මගින් මග පෑදී තිබේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර