ශ්‍රී ලංකාවේ වාහන වෙළෙඳපොළ තුළ මේ වන විට BYD රථ සන්නාමය ඉහළ ජනප්‍රියත්වයක් ලබාගෙන තිබේ. පරිසර හිතකාමී විද්‍යුත් (EV) සහ ප්ලග්-ඉන් හයිබ්‍රිඩ් (PHEV) රථ කාණ්ඩ යටතේ මෙරටට හඳුන්වා දී ඇති මෙම වාහන, නවීන තාක්ෂණය සහ ඉහළ කාර්යසාධනය හේතුවෙන් පාරිභෝගික අවධානය දිනා ගැනීමට සමත්ව ඇත.
මෙම රථවල අලෙවියෙන් පසු සේවාවන් ඉහළ මට්ටමකින් පවත්වාගෙන යාමට JKCG AUTO සමාගම කටයුතු කරයි. දිවයින පුරා ප්‍රධාන නගර රැසක සේවා මධ්‍යස්ථාන ස්ථාපිත කර ඇති අතර, දිනකට රථ 3,000කට අධික සංඛ්‍යාවකට සේවා සැපයීමේ හැකියාව එම මධ්‍යස්ථාන සතුය. විශේෂයෙන්ම සීදූව පිහිටි අලුත්වැඩියා මධ්‍යස්ථානය හරහා රක්ෂණ අනුමැතිය ලැබී සති තුනක් වැනි කෙටි කාලයක් තුළ රථ අලුත්වැඩියා කර ලබා දීමට පියවර ගෙන තිබේ.
පාරිභෝගික පහසුව උදෙසා දිවයින පුරා විද්‍යුත් රථ ආරෝපණ මධ්‍යස්ථාන 100කට අධික සංඛ්‍යාවක් ස්ථාපිත කර ඇත. මීට අමතරව, අමතර කොටස් හිඟයකින් තොරව පවත්වාගෙන යාම සහ බැටරි ප්‍රතිචක්‍රීකරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම හරහා පාරිභෝගික විශ්වාසය තහවුරු කිරීමට සමාගම කටයුතු කරයි.
BYD විද්‍යුත් රථ හිමියන් සඳහා පළමු සේවා වාර තුන නොමිලේ සිදු කර ගැනීමට අවස්ථාව සලසා දී ඇති අතර, ඉන්ධන වාහනවලට සාපේක්ෂව අඩු නඩත්තු වියදමක් දැරීමට සිදුවීම මෙහි ඇති තවත් වාසියකි. පාරිභෝගිකයන් සඳහා සුවපහසු විවේකාගාර සහ අනෙකුත් පහසුකම් ද මෙම සේවා මධ්‍යස්ථාන තුළ ලබා දී ඇත.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර