අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාවේ (PACAF) අණදෙන නිලධාරී ජෙනරාල් කෙවින් ෂ්නයිඩර් මහතා සිය තෙදින නිල සංචාරය ආරම්භ කරමින් ඊයේ (21) ශ්‍රී ලංකාවට පැමිණියේය. ජූනි 24 වැනිදා දක්වා මෙරට රැඳී සිටින ඒ මහතා ආරක්ෂක ක්ෂේත්රයේ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරගැනීම අරමුණු කරගනිමින් ඉහළ පෙළේ සාකච්ඡා කිහිපයකට එක්වීමට නියමිතය.
මෙම සංචාරයේදී ජෙනරාල් ෂ්නයිඩර් මහතා ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් සහ ගුවන් හමුදා ප්‍රධානීන් ඇතුළු ආරක්ෂක අංශවල ජ්‍යෙෂ්ඨ නායකයින් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත. කලාපීය ආරක්ෂාව සහ ස්ථාවරත්වය තහවුරු කරගැනීම මෙම සාකච්ඡාවල ප්‍රධාන අරමුණයි.
එමෙන්ම, ගුවන් හා සමුද්‍රීය ක්ෂේත්‍ර පිළිබඳ අවබෝධය පුළුල් කරගැනීම, සයිබර් ආරක්ෂාව සහ ආපදා කළමනාකරණය වැනි අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු රැසක් කෙරෙහි මෙහිදී වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇත.
ජෙනරාල් කෙවින් ෂ්නයිඩර් මහතා ජපානය, දකුණු කොරියාව සහ හවායි ඇතුළු උපායමාර්ගික කලාපයන්හි සේවය කරන 46,000කට අධික අමෙරිකානු ගුවන් භටයින් පිරිසකගේ නායකත්වය දරන අණදෙන නිලධාරියා වේ. ප්‍රවීණ අණදෙන නියමුවෙකු වන ඔහු පැය 4,000කට අධික පියාසර පළපුරුද්දක් සහිත අයෙකි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර