හොරණ විවිධ සේවා සමුපකාර සමිතියට අයත් ගෝනපොළ කෝරළඉම රන් සුරැකුම් මධ්‍යස්ථානය ඉලක්ක කර ගනිමින් පසුගිය 23 වනදා අලුයම මෙම කොල්ලය සිදුව ඇත. නින්ජා ඇඳුමින් සැරසී ගිනි අවි සහ යකඩ පොලු රැගෙන පැමිණි සිව්දෙනෙකුගෙන් යුත් කල්ලියක් විසින් මෙම අපරාධය සිදු කර ඇති බව මොරගහහේන පොලීසිය පවසයි.
කොල්ලකරුවන් මධ්‍යස්ථානයේ පිටුපස තිබූ සුළං කවුළුවේ යකඩ කූරු කපා ඇතුළු වී එහි සිටි ආරක්ෂක නිලධාරියා බැඳ දමා මෙම කොල්ලය සිදු කර තිබේ. පැය හතරකට ආසන්න කාලයක් බැංකුව තුළ රැඳී සිටි ඔවුන්, විශේෂ උපකරණ භාවිතයෙන් සේප්පු සිදුරු කර රන් භාණ්ඩ සහ මුදල් පැහැරගෙන ඇත.
අපරාධකරුවන් බැංකුවේ තිබූ DVR පද්ධතිය ද රැගෙන පලා ගොස් ඇති අතර, සිද්ධිය වූ අවස්ථාවේ ප්‍රදේශයේ විදුලිය විසන්ධි වී තිබීම නිසා අවට ආරක්ෂක කැමරා දර්ශන පරීක්ෂා කිරීමට ද පොලීසියට බාධාවක් මතු වී තිබේ.
මෙම සැලසුම් සහගත කොල්ලය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සඳහා කළුතර නියෝජ්‍ය පොලිස්පතිවරියගේ උපදෙස් මත විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් පත් කර ඇත. අපරාධ ස්ථානයෙන් ඇඟිලි සටහන් කිහිපයක් සොයාගෙන ඇති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මොරගහහේන පොලීසිය සහ පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර