ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සන්ධානය පවසන්නේ අද (24) දින සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම ක්ෂේත්‍ර රාජකාරිවලින් ඉවත් වීමට තීරණය කළ බවයි. වෘත්තීය සමිති නියෝජිතයන් පෙන්වා දෙන්නේ දීර්ඝ කාලයක සිට බලධාරීන් වෙත ඉදිරිපත් කළ ඉල්ලීම් සඳහා මෙතෙක් නිසි ප්‍රතිචාරයක් නොලැබුණු බවයි.
මෙම තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සන්ධානයේ සභාපති නන්දන රණසිංහ මහතා සඳහන් කළේ, විශේෂයෙන්ම ගමන් වියදම් සඳහා ප්‍රමාණවත් ඉන්ධන දීමනාවක් ලබාදීම ඇතුළු මූලික ඉල්ලීම් කිහිපයක් වෙනුවෙන් තමන් මෙම පියවර ගත් බවයි.
තම ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබා දීමට බලධාරීන් කටයුතු නොකළහොත්, එළඹෙන 30 වැනිදා අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමු වීමට ද සන්ධානය තීරණය කර ඇත.
ග්‍රාම නිලධාරීන්ගේ දෛනික රාජකාරි කටයුතු කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පහසුකම් සහ දීමනා ලබා දීම අත්‍යවශ්‍ය බවත්, ඒ සඳහා වගකිවයුතු අංශවල අවධානය කඩිනමින් යොමු විය යුතු බවත් ඔවුන් වැඩිදුරටත් අවධාරණය කර සිටියි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර