තෙල්දෙණිය ප්‍රදේශයේ නවතා තිබූ මෝටර් රථයක් තුළ තිබී කාන්තා මළ සිරුරක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට නුවරඑළිය පොලිසියේ විශේෂ කණ්ඩායමක් සමත්ව තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ සේවය කරන රියදුරෙකි. අදාළ ඝාතනය සිදුකළ ප්‍රධාන සැකකරුට පලායාම සඳහා සහාය ලබාදීම සහ සැඟවීමට උදව් කිරීම සම්බන්ධයෙන් මොහු අත්අඩංගුවට ගෙන ඇත.

නුවරඑළිය කොට්ඨාශ භාර සහකාර පොලිස් අධිකාරි චන්දන බස්නායක මහතා සඳහන් කළේ, ප්‍රධාන සැකකරුගේ දුරකථන දත්ත විශ්ලේෂණය කිරීමේදී මෙම රියදුරු පිළිබඳ තොරතුරු අනාවරණය වූ බවයි. මොහු ප්‍රධාන සැකකරුගේ සමීප මිතුරෙකු බවද විමර්ශනවලදී තහවුරු වී ඇත.

පොලිසිය වැඩිදුරටත් පවසන්නේ මෙම ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකාර අඹුසැමියන් මීට පෙර යාපනය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version