2026 වසරේ මුල් මාස පහ තුළ ශ්‍රී ලංකාවේ අපනයන අංශය කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කරමින් සමස්ත ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 7.3 සීමාව පසු කර ඇත. ශ්‍රී ලංකා රේගුවේ තාවකාලික දත්ත සහ අදාළ අංශවල ඇස්තමේන්තුගත සංඛ්‍යාලේඛනවලට අනුව, මෙම කාලසීමාව තුළ උපයා ඇති මුළු ආදායම ඩොලර් මිලියන 7,393.39ක් වේ.
මෙය පසුගිය වසරේ අනුරූප කාලසීමාවට සාපේක්ෂව සියයට 7.56ක වර්ධනයකි. එම කාලය තුළ වෙළඳ භාණ්ඩ අපනයනය හරහා ඩොලර් මිලියන 5,758.44ක ආදායමක් ලැබී ඇති අතර, එය සියයට 7.63ක වර්ධනයක් ලෙස සටහන් වේ.
සේවා අපනයන අංශය ද මෙම කාලය තුළ සැලකිය යුතු දියුණුවක් පෙන්නුම් කරමින් ඩොලර් මිලියන 1,634.95ක ආදායමක් උපයාගෙන ඇත. මෙය පසුගිය වසරට සාපේක්ෂව සියයට 7.31ක ඉහළ යාමකි.
විශේෂයෙන්ම 2026 මැයි මාසය තුළ වෙළඳ භාණ්ඩ අපනයනය සියයට 18.25කින් සහ සේවා අපනයනය සියයට 18.67කින් වර්ධනය වී තිබීම රටේ ආර්ථික ප්‍රගතියට යහපත් සංඥාවක් බව ආර්ථික විද්වතුන් පෙන්වා දෙයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර