ලොව ප්‍රමුඛ පෙළේ තාක්ෂණික සමාගමක් වන IBM විසින් අති නවීන තාක්ෂණයෙන් යුතු සුවිශේෂී චිපයක් එළිදක්වා ඇත. මෙම නව චිපය නැනෝමීටර් 0.7 (0.7nm) තාක්ෂණයෙන් සමන්විත වන අතර, එය නැනෝමීටර් 1ට අඩු ලොව ප්‍රථම චිපය ලෙස සැලකේ.
සමාගම පවසන පරිදි, ඇඟිලි නියපොත්තක ප්‍රමාණයේ සිලිකන් චිපයක් තුළ ට්‍රාන්සිස්ටර් බිලියන 100ක් දක්වා අන්තර්ගත කිරීමට මෙම NanoStack තාක්ෂණය මගින් හැකියාව ලැබේ. වර්තමානයේ චිප් නිෂ්පාදන කර්මාන්තයේ ප්‍රමිතිය ලෙස පවතින්නේ නැනෝමීටර් 2 (2nm) තාක්ෂණයයි.
පර්යේෂණාත්මක මට්ටමේදී මෙම නව චිපය, දැනට පවතින 2nm චිපවලට වඩා සියයට 50ක වැඩි කාර්ය සාධනයක් සහ සියයට 70ක වැඩි බලශක්ති කාර්යක්ෂමතාවක් පෙන්නුම් කර ඇත. මෙම නවෝත්පාදනය චිප් නිෂ්පාදන ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් බව IBM පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂ ජේ ගැම්බෙටා මහතා සඳහන් කරයි.
කෙසේ වෙතත්, මෙම තාක්ෂණය වාණිජමය වශයෙන් වෙළෙඳපොළට නිකුත් කිරීමට තවත් වසර කිහිපයක් ගතවනු ඇතැයි IBM සමාගම වැඩිදුරටත් පෙන්වා දෙයි.
