සාමවිනිසුරුවරුන් දේශපාලඥයන් මෙන්ම ජනතාවගේ දැඩි විමසිල්ලට ලක්වන පිරිසක් බැවින්, ඔවුන් සිය වගකීම් නිවැරදිව හා ආචාරධාර්මිකව ඉටු කිරීමට වගබලා ගත යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.

ප්‍රථම වරට පැවැති සමස්ත ලංකා සාමවිනිසුරු ප්‍රජා සංවර්ධන ජාතික සමුළුව අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. ධම්ම පදයේ ඉගැන්වීම් අනුව කටයුතු කිරීමේ වැදගත්කම පෙන්වා දුන් විපක්ෂ නායකවරයා, තම පක්ෂය තුළද එවැනි ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත්, ගුණාත්මක බවින් තොර සාමාජිකයන් පක්ෂයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බවත් පැවසීය.

සාමවිනිසුරු සේවාව ඉහළ මට්ටමකට ගෙන ඒම සඳහා පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටතදී තමා උපරිම සහයෝගය ලබා දෙන බවද ඔහු සහතික විය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ, සාමවිනිසුරු පදවිය සඳහා අධ්‍යාපන සුදුසුකම් වැදගත් වුවද එය පමණක් නිර්ණායකයක් නොවිය යුතු බවයි. ගම් මට්ටමින් ප්‍රජා සේවාවන්හි නිරත වන හැකියාව ඇති පිරිස් වෙතද මෙම සේවාවට එක්වීමට අවස්ථාව හිමිවිය යුතු බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version