කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පැමිණීමේ පර්යන්තයේදී සිදුකළ විශේෂ වැටලීමකදී හෂීෂ් සහ කුෂ් වර්ගයේ මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් තිදෙනෙකු සහ සැකකාරියක අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් සමත්ව ඇත.
මෙම වැටලීම ඊයේ (27) සවස සිදුකර ඇති අතර, එහිදී සැකකරුවන් සන්තකයේ තිබී හෂීෂ් කිලෝග්‍රෑම් 5කට අධික ප්‍රමාණයක් සහ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 7කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පිරිස අතර වයස අවුරුදු 27 සහ 30 යන වයස්වල පසුවන පිරිමි සැකකරුවන් තිදෙනෙකු සහ 34 හැවිරිදි කාන්තාවක් සිටින බව වාර්තා වේ. මොවුන් හෙට්ටිමුල්ල, වැල්ලම්පිටිය සහ දංඕවිට යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ කටුනායක ගුවන්තොටුපළ ඒකකය විසින් සිදුකරනු ලබයි.
