ඓතිහාසික මිහින්තලය, අනුරාධපුර අටමස්ථානය සහ තන්තිරිමලේ රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් මෙවර ජාතික පොසොන් උත්සවය පැවැත්වීමට සියලු කටයුතු මේ වනවිට අවසන් කර ඇත.

උත්සව සමයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා නිල ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් 3,180ක් ඇතුළුව 3,500කට අධික පිරිසක් රාජකාරියේ යෙදවීමට පියවර ගෙන ඇති බව උතුරු මැද පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තිලක් සී.ඒ. ධනපාල මහතා සඳහන් කළේය.

අද (28) රාත්‍රී පැවැත්වෙන ඓතිහාසික මිහිඳු පෙරහැර හේතුවෙන් අනුරාධපුර නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මක කර තිබේ. බැතිමතුන්ගේ පහසුව සඳහා රථවාහන ගමනාගමනය විධිමත් කිරීමට පොලිසිය කටයුතු යොදා ඇත.

ප්‍රදේශය පුරා දන්සල් විශාල සංඛ්‍යාවක් සංවිධානය කර ඇති අතර, මාර්ගවල ගමන් ගන්නා වාහනවලට හෝ බැතිමතුන්ට බාධාවක් නොවන පරිදි දන්සල් පවත්වාගෙන යන ලෙස පොලිසිය දායකයින්ගෙන් ඉල්ලා සිටී.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version