ඇෆ්ගනිස්තානයේ හින්දු කුෂ් කලාපය කේන්ද්‍ර කරගනිමින් අද (27) රාත්‍රියේ ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ. අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ වාර්තා සහ ඉන්දීය ජාතික භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය සඳහන් කරන පරිදි, මෙම භූ චලනය රික්ටර් මාපකයේ 6.2ක ප්‍රබලත්වයකින් සටහන් වී ඇත.

මෙම භූ කම්පනය රාත්‍රී 7.04ට පමණ සිදුව ඇති අතර එහි කේන්ද්‍රය පොළොව මතුපිට සිට කිලෝමීටර් 215ක් පමණ ගැඹුරින් පිහිටා තිබූ බව හඳුනාගෙන ඇත.

මෙම භූ චලනයේ බලපෑම අසල්වැසි ඉන්දියාවේ නව දිල්ලිය ඇතුළු උතුරු ඉන්දියානු ප්‍රදේශවලට මෙන්ම ජම්මු සහ කාශ්මීරයේ ප්‍රදේශ කිහිපයකට ද තදින් දැනී ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත්, මෙම සිදුවීමෙන් සිදුවූ ජීවිත හානි හෝ දේපළ හානි පිළිබඳව මෙතෙක් නිශ්චිත තොරතුරු වාර්තා වී නොමැත.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version