ඓතිහාසික රුහුණේ සිතුල්පව්ව රජමහා විහාරස්ථානයේ වාර්ෂික පොසොන් පූජෝත්සවයට සමගාමීව පැවැත්වෙන ආලෝක පූජාව අද (29) සවස 5.00ට ආරම්භ වීමට නියමිතය.
මෙම ආලෝක පූජාව මෙවර පැවැත්වෙන්නේ 39 වැනි වරටත් වීම විශේෂත්වයකි. උපාලි සමූහ ව්‍යාපාරයේ බැතිබර දායකත්වයෙන් වසර ගණනාවක සිට මෙම පින්කම අඛණ්ඩව සිදු කරනු ලබයි.
සෑම වසරකම පොසොන් උත්සවය වෙනුවෙන් සිතුල්පව්ව විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් සංවිධානය කෙරෙන මෙම ආලෝක පූජාව සඳහා විශාල බැතිමතුන් පිරිසක් සහභාගී වීමට නියමිතය.
