ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව නාවික හමුදාපතිවරයා ලෙස වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා පත් කර ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත් කිරීම සිදු කර ඇති අතර, ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (30) පස්වරුවේ භාර දෙනු ලැබීය.
මීට පෙර නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කළ ඩේමියන් ප්‍රනාන්දු මහතා, වයිස් අද්මිරාල් නිලයට උසස් කරමින් මෙම තනතුරට පත් කර තිබේ. මෙම පත් කිරීම ජූලි 01 වන දා සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක වේ.
වත්මන් නාවික හමුදාපති අද්මිරාල් කාංචන බානගොඩ මහතා හෙට (01) දින සිය ධුරයෙන් විශ්‍රාම යෑමට නියමිතය. ඒ අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාවේ 27 වන නාවික හමුදාපතිවරයා ලෙස ඩේමියන් ප්‍රනාන්දු මහතා සිය රාජකාරි ආරම්භ කරනු ඇත.
වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විද්‍යාලයේ ආදි සිසුවෙකු වන ඒ මහතා, 1991 වසරේදී නාවික හමුදාවට එක්වූයේ විධායක අංශයේ ශිෂ්‍යභට නිලධාරියෙකු ලෙසිනි. වසර 35ක සේවා කාලයක් තුළ ඔහු ජාත්‍යන්තර ආරක්ෂාව සහ උපායමාර්ගික අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධි හිමිකරගෙන ඇති අතර, රණශූර සහ උත්තම සේවා ඇතුළු පදක්කම් රැසකින් පිදුම් ලබා ඇත.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර