ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය සේවාවේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය (NIHS) සිය 100 වැනි සංවත්සරය සමරයි. 1926 වසරේදී දකුණු ආසියාවේ ප්‍රථම ක්ෂේත්‍ර සෞඛ්‍ය ඒකකය ලෙස ආරම්භ වූ මෙම ආයතනය, රටේ නිවාරණ සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීමෙහිලා ඉටුකළ මෙහෙවර අතිමහත්ය.
මෙම ශතසංවත්සර සැමරුම් උළෙල අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් හෙට (ජූලි 01) පස්වරු 4.00ට ආයතන පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය. උත්සවයට සමගාමීව විශේෂ සමරු මුද්දරයක් සහ ආයතනයේ ඉතිහාසය ඇතුළත් ‘Legacy of a Centenary’ ග්‍රන්ථය එළිදැක්වීමද සිදු කෙරේ.
රොක්ෆෙලර් පදනමේ සහයෝගය ඇතිව වෛද්‍ය එස්. එෆ්. චෙල්ලප්පා සහ වෛද්‍ය ඩබ්. පී. ජැකොක්ස් යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ මෙම ආයතනය, පසුකාලීනව මෙරට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) ක්‍රමවේදයේ කේන්ද්‍රස්ථානය බවට පත්විය. 1979 වසරේදී ජාතික සෞඛ්‍ය විද්‍යායතනය ලෙස ප්‍රතිසංවිධානය වූ මෙහි, අද වන විට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල පුහුණු කිරීම සිදු කෙරේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහයෝගීතා මධ්‍යස්ථානයක් ලෙසද පිළිගැනීමට ලක්ව ඇති මෙම ආයතනය, කලාපීය රටවල සෞඛ්‍ය වෘත්තිකයන් සඳහාද දැනුම ලබා දෙයි. සියවස් සැමරුමට සමගාමීව ජූලි මාසය පුරා විශේෂ වැඩසටහන් මාලාවක් සංවිධානය කර ඇති අතර, ඒ අතරට සෞඛ්‍ය ප්‍රදර්ශනයක්, පාගමනක් සහ නවීකරණය කළ කෞතුකාගාරය විවෘත කිරීම ඇතුළත් වේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර