එළඹෙන ජූලි 17 වනදා ආරම්භ වී අගෝස්තු 8 වනදා දක්වා පැවැත්වීමට නියමිත 2026 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ජාත්‍යන්තර අත්දැකීම් සහිත ප්‍රවීණ විනිසුරුවන් සහ තරග තීරකවරුන් පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත.

මෙවර තරග තීරක මණ්ඩලයේ ප්‍රධානීන් ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රමුඛ පෙළේ තරග තීරක රංජන් මඩුගල්ලේ මහතා කටයුතු කරයි. ඔහු සමඟ ග්‍රේම් ලැබ්‍රෝයි සහ වෙන්ඩල් ලැබ්‍රෝයි යන මහත්වරුන් ඇතුළු පිරිසක් තරග තීරක මණ්ඩලයට එක්ව සිටිති.

එමෙන්ම, තරග විනිසුරු මණ්ඩලය සඳහා අයි.සී.සී. ප්‍රමුඛ පෙළේ විනිසුරු කුමාර් ධර්මසේන මහතා ප්‍රමුඛ වේන් නයිට්ස්, අසීෆ් යාකූබ් සහ රවීන්ද්‍ර විමලසිරි ඇතුළු දේශීය හා ජාත්‍යන්තර මට්ටමේ විනිසුරුවන් රැසක් නම් කර ඇත.

තරගාවලියේ සාර්ථකත්වය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නැගී එන තරග තීරකවරුන් ද මෙම මණ්ඩලයට ඇතුළත් කර තිබීම විශේෂත්වයකි. ක්‍රිකට් ලෝලීන්ගේ දැඩි අවධානයට ලක්ව ඇති මෙම තරගාවලිය සඳහා සියලුම නිලධාරීන් මේ වන විටත් සූදානමින් පසුවේ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version