ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික සභාවේ රැස්වීමක් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි. එහිදී රාජ්‍ය ආයතන මගින් සේවා සැපයීමේදී ආබාධ සහිත පුද්ගලයන්ට ප්‍රමුඛතාව ලබාදීම සඳහා විශේෂ කාඩ්පතක් හඳුන්වා දීමට තීරණය කර ඇත.
මෙම වැඩසටහන මුලින්ම නියමු ව්‍යාපෘතියක් ලෙස කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
එමෙන්ම, ආබාධ සහිත පුද්ගලයන්ගේ ආබාධිතභාවය වර්ගීකරණයට අදාළ චක්‍රලේඛයක් නිකුත් කිරීමටත්, ඔවුන් වෙනුවෙන් භාවිත කළ යුතු නිවැරදි පාරිභාෂික වචන මාලාවක් රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව සමඟ එක්ව ප්රකාශනයක් ලෙස එළිදැක්වීමටත් සභාවේ එකඟතාව පළ විය.
ආබාධ සහිත පුද්ගලයන්ට සේවා සපයන නිලධාරීන් ඇගයීමට ලක් කිරීම සඳහා වන නිර්ණායක සකස් කිරීමට ද මෙහිදී තීරණය කෙරිණි. මෙම අවස්ථාව සඳහා අමාත්‍යාංශයේ ලේකම් සම්පත් මන්ත්‍රිනායක මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර