යුක්රේනයේ යුද පෙරමුණ ආසන්නයේ තිබී ෆයිබර්-ඔප්ටික් කේබල් සහ තණකොළ යොදා නිර්මාණය කළ කුරුළු කූඩු කිහිපයක් හමුවී තිබේ. වසර ගණනාවක් පුරා පවතින යුද්ධය ස්වභාවික පරිසරයට සහ සත්ත්ව හැසිරීම් රටාවන්ට කෙතරම් බලපෑමක් සිදුකර ඇත්ද යන්නට මෙය කදිම සාක්ෂියක් බව පර්යේෂකයෝ පෙන්වා දෙති.
රුසියානු සහ යුක්රේන හමුදා ඩ්‍රෝන යානා මෙහෙයවීම සඳහා භාවිතා කරන මෙම ෆයිබර්-ඔප්ටික් කේබල් කිලෝමීටර් දහස් ගණනක් පුරා යුද බිමේ විසිරී පවතී. ගස්, කෙත් සහ ගොඩනැගිලි වහල මත වැටී ඇති මෙම කේබල් කැබලි කුරුල්ලන් විසින් තම කූඩු තැනීම සඳහා උපයෝගී කරගෙන ඇති බව කියෙව්හි යුධ කෞතුකාගාරයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂක යනා හ්රින්කෝ සඳහන් කළාය.
හමුදා නිලධාරීන් විසින් සොයාගෙන කෞතුකාගාරයට භාරදුන් මෙම කූඩු මේ වන විට විද්‍යාත්මක පරීක්ෂණයන්ට ලක් කෙරෙමින් පවතී. ඉන් එක් කූඩුවක් නෙදර්ලන්තයේ ලයිඩන් නගරයේ පර්යේෂණායතනයකට යවා ඇති අතර, එහි සිටින ජීව විද්‍යාඥයින් පවසන්නේ කුරුල්ලන් මෙම කේබල් භාවිත කිරීමට පෙළඹුණු ආකාරය සහ එම පක්ෂි විශේෂය හඳුනා ගැනීම සඳහා DNA පරීක්ෂණ සිදුකරන බවයි.
මෙම කේබල් කුරුල්ලන්ට කූඩු තැනීමට ශක්තිමත් පදනමක් සපයන නමුත්, ඒවායේ පැටලී අනතුරු සිදුවීමේ අවදානමක්ද පවතින බව විශේෂඥයින් අවධාරණය කරයි. යුද්ධය මිනිසුන්ට පමණක් නොව සොබාදහමටද කෙතරම් ගැඹුරු බලපෑමක් සිදුකර ඇත්ද යන්න මෙම සිදුවීමෙන් මනාව පැහැදිලි වේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර