තායිලන්තයේ පතායා නුවරදී පැවති දෙවන ‘මිස්ටර් යුනිවර්ස්’ ලෝක කායවර්ධන ශූරතා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද (02) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණියේය.
මෙම තරගාවලිය ලෝක කායවර්ධන සම්මේලනය විසින් සංවිධානය කර තිබූ අතර, ඒ සඳහා රටවල් 47ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 327 දෙනෙකු එක්ව සිටියහ. ජූනි 27 සහ 28 යන දිනවල පැවති මෙම තරගාවලියේදී ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත් විය.
තරගාවලිය අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කම් 06ක්, රිදී පදක්කම් 03ක් සහ ලෝකඩ පදක්කම් 03ක් දිනා ගැනීමට සමත් විය. මීට අමතරව, වෘත්තීය මට්ටමේ තරග සඳහා සුදුසුකම් ලබාදෙන ‘ප්‍රෝ කාඩ්’ (Pro Card) පත් දෙකක් ද ශ්‍රී ලංකාවට හිමි විය. අනෝජ් ඇලෝසියස් සහ ඩබ්ලිව්.ආර්. කාවින්ද යන ක්‍රීඩකයින් මෙම ප්‍රෝ කාඩ්පත් දිනා ගැනීමට සමත් වූහ.
තවද, ශ්‍රී ලංකා කායවර්ධන සහ ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ සභාපති රන්දීර් රුද්‍රිගු මහතාට ජාත්‍යන්තර කායවර්ධන සම්මේලනයේ රන් සාමාජිකත්වය පිරිනැමීම ද මෙහිදී විශේෂ සිදුවීමක් විය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර