පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශන කටයුතු තවදුරටත් පුළුල් කරමින්, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා සතු ජංගම දුරකථනය සහ ලැප්ටොප් පරිගණකය විවෘත කිරීම සඳහා අවශ්‍ය මුරපද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කර තිබේ.
මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පෙන්වා දුන්නේ, සැකකරුගේ උපාංග එකිනෙක සම්බන්ධ වී ඇති බැවින් විමර්ශනවල සාර්ථකත්වය වෙනුවෙන් එම මුරපද අත්‍යවශ්‍ය බවයි. කෙසේ වෙතත්, විත්ති පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා ඊට විරෝධය පළ කරමින් සඳහන් කළේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමිව ඇති නිහඬව සිටීමේ අයිතිය යටතේ මෙවැනි නියෝගයක් නිකුත් කිරීමට අධිකරණයට බලයක් නොමැති බවයි.
එම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 124 වගන්තිය ප්‍රකාරව විමර්ශනවලට සහාය දැක්වීමේ වගකීම පෙන්වා දෙමින් අදාළ මුරපද ලබාදෙන ලෙස නියෝග කළේය.
එමෙන්ම, සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වත්මන් අධ්යක්ෂවරයාගෙන් ඉවත් කරන ලෙස විත්තිය කළ ඉල්ලීමද අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය. විමර්ශන කටයුතු නීතිපතිවරයාගේ අධීක්ෂණය යටතේ කාර්යක්ෂමව සිදුවන බව පෙනී යන බැවින් එම ඉල්ලීමට පදනමක් නොමැති බව මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය.
සැකකරුගේ ආරක්ෂාව සහ ජීවිතයට ඇති විය හැකි තර්ජන සැලකිල්ලට ගනිමින්, මින් ඉදිරියට නඩු කටයුතු සඳහා ඔහුව අධිකරණයට භෞතිකව කැඳවීම වෙනුවට වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඉදිරිපත් කරන ලෙසද අධිකරණය නියම කළේය. නඩුව සැප්තැම්බර් 02 වැනිදා යළි කැඳවීමට නියමිතය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර