ඉදිරි මාස හයක කාලසීමාව තුළ ජල ගාස්තු ඉහළ දැමීමක් සිදු නොකරන බව නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා ප්‍රකාශ කළේය.

වසරේ මුල් මාස හය තුළ ජල පිරිපහදු කටයුතු වෙනුවෙන් ජල සම්පාදන මණ්ඩලයට විශාල පිරිවැයක් දැරීමට සිදුව නොමැති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

එම පිරිවැය කළමනාකරණය කරගැනීමට හැකි වීම හේතුවෙන් ජල ගාස්තු සංශෝධනය කිරීමේ අවශ්‍යතාවක් මේ මොහොතේ පැන නොනගින බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ අනුව, පාරිභෝගික ජනතාවට සහනයක් ලබා දෙමින් ඉදිරි මාස හය සඳහා දැනට පවතින ජල ගාස්තු ක්‍රමයම අඛණ්ඩව ක්‍රියාත්මක වනු ඇත.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version