පොසොන් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් බොරලැස්ගමුව නගර සභාව විසින් සංවිධානය කරනු ලැබූ “අනුබුදු වන්දනා” පොසොන් කලාපය ඓතිහාසික බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේදී ජුනි 29 වන දින උත්කර්ෂවත් අන්දමින් විවෘත කෙරිණි.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහභාගී වූවාය. විහාරස්ථානය වෙත පැමිණි අග්‍රාමාත්‍යතුමිය පළමුව විහාරාධිපති අතිපූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන නායක ස්වාමීන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තාය.

අනතුරුව බෝ මළුව වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වූ අග්‍රාමාත්‍යතුමිය, විදුලි ආලෝකයෙන් ඒකාලෝක කරමින් “අනුබුදු වන්දනා” පොසොන් කලාපය නිල වශයෙන් ජනතාව වෙනුවෙන් විවෘත කරනු ලැබීය.

එම අවස්ථාවේදී දහම් පාසල් දරුවන් විසින් ඉදිරිපත් කළ භක්ති ගීත ප්‍රසංගය නැරඹීමට ද අග්‍රාමාත්‍යතුමිය එක් වූවාය. මෙම අවස්ථාව සඳහා මහා සංඝරත්නය, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි, බොරලැස්ගමුව නගර සභාවේ සභාපති නිශාන්ත වෙදමුල්ල යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version