ශ්‍රී ලංකාව මේ වන විට අත්කරගෙන ඇති ආර්ථික ප්‍රගතිය සහ උද්ධමනය පාලනය කරගැනීම ඇතුළු ස්ථාවරත්වයන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින්ගේ ඇගයීමට ලක්ව තිබේ. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර අරලියගහ මන්දිරයේදී පැවති හමුවකදී මෙම කරුණු සාකච්ඡා කෙරිණි.
පසුගිය වසර එකහමාරක කාලය තුළ ශ්‍රී ලංකාවට ලබාදුන් සහයෝගය වෙනුවෙන් අග්‍රාමාත්‍යවරිය සිය ස්තූතිය පළ කළාය. ගෝලීය ආර්ථික අභියෝග හමුවේ ශ්‍රී ලංකාව අඛණ්ඩව ඉදිරියට යාම සඳහා බලශක්ති, වරාය සහ කෘෂිකර්මාන්තය වැනි ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතු බව ඇය පෙන්වා දුන්නාය.
ආර්ථික වර්ධනය සහ සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළ සමගාමීව ඉදිරියට ගෙන යාමේ වැදගත්කම පිළිබඳව ද මෙහිදී අවධාරණය කෙරිණි. විශේෂයෙන්ම අපද්‍රව්‍ය කළමනාකරණය සහ මලාපවහන පද්ධති වැනි යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවය අග්‍රාමාත්‍යවරිය විසින් පෙන්වා දෙන ලදී.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් තවදුරටත් සඳහන් කළේ, ගෝලීය ආර්ථික අවිනිශ්චිතතා හමුවේ වුවද ශ්‍රී ලංකාවට අවශ්‍ය සහයෝගය ලබාදීමට තමන් සූදානම් බවයි. ආයෝජන ආකර්ෂණය කර ගැනීම සහ ඇතුළත් ආර්ථික වර්ධනයක් ඇති කිරීම සඳහා වන රජයේ ප්‍රමුඛතා සඳහා සිය සහාය හිමිවන බව ඔවුහු සහතික වූහ.
මෙම අවස්ථාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියානු සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්යක්ෂ සෝනාලි ජේන්-චන්ද්‍රා මහත්මිය, ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර