ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපතිනිය මි යොන් ලී මහත්මිය සහ ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්ත මහතා අතර විශේෂ හමුවක් අද (01) ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි.
මෙම හමුවේදී දෙරට අතර පවතින දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳව දෙපාර්ශවයම අවධානය යොමු කළහ.
ආරක්ෂක ක්ෂේත්රයේ සහයෝගීතාව, හමුදා පුහුණු වැඩසටහන් හුවමාරුව, ධාරිතා වර්ධනය සහ කලාපීය ස්ථාවරත්වය යන කරුණු සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා සාමාජිකයින් සඳහා කොරියාවේදී පුහුණු අවස්ථා පුළුල් කිරීම සහ ජාත්‍යන්තර ආරක්ෂක ප්‍රදර්ශන මෙන්ම ඒකාබද්ධ යුද අභ්‍යාස සඳහා සහභාගී වීමේ අවස්ථා පිළිබඳවද මෙහිදී විශේෂ අවධානයක් යොමු විය.
ශ්‍රී ලංකාවට ලබාදෙන අඛණ්ඩ සහයෝගය පිළිබඳව ආරක්ෂක ලේකම්වරයා මෙහිදී සිය ස්තූතිය පළ කළ අතර, දෙරට අතර ආරක්ෂක සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට කැපවී සිටින බව තානාපතිනිය යළිත් අවධාරණය කළාය.
මෙම අවස්ථාව සඳහා කොරියානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී යුන්ජි කාං මහත්මියද එක්ව සිටියාය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර