මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ තමන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුවට අදාළව යෝෂිත රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් අභියාචනාධිකරණය විසින් අද (03) දින නිශ්ප්‍රභ කරනු ලැබීය.

මෙම නඩුවේ ඇතුළත් “කුමන්ත්‍රණය” යන චෝදනාව තවදුරටත් පවත්වාගෙන යාමට නීතිමය ඉඩක් නොමැති බව පවසමින් එම චෝදනාව ඉවත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනු කර තිබුණි.

අදාළ පෙත්සම විභාග කිරීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දෙන ලදී. විනිසුරු අමල් රණරාජා සහ ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර යන මහත්වරුන්ගෙන් මෙම විනිසුරු මඩුල්ල සමන්විත විය.

නීතිපතිවරයා විසින් පවරා ඇති මෙම නඩුව සම්බන්ධයෙන් වූ නීතිමය කරුණු සලකා බැලීමෙන් පසු අධිකරණය මෙම තීරණයට එළඹි බව වාර්තා වේ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version