ගම්පොළ උඩපළාත ප්‍රාදේශීය ලේකම් ආත්මා දිල්රුක්ෂි ජයරත්න මහත්මියට එරෙහිව සූක්ෂම කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව වාර්තා වේ. දූෂණයට හා අක්‍රමිකතාවලට එරෙහිව දැඩිව පෙනී සිටි රාජ්‍ය නිලධාරිනියක වන ඇයව, ව්‍යාජ චෝදනා මගින් එම ධුරයෙන් ඉවත් කිරීමට උත්සාහ දරන බවට චෝදනා එල්ල වී ඇත.
ප්‍රාදේශීය ලේකම්වරිය විසින් රජයේ ඉඩම් ආක්‍රමණය කිරීම් සහ අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණය ආශ්‍රිත පරිසර විනාශයන්ට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු කිරීම මෙම ගැටුමට මූලික හේතුව වී ඇති බව පැවසේ. ඇය විසින්ම ජාතික විගණන කාර්යාලයෙන් විගණනයක් ඉල්ලා සිටියද, පසුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අභ්‍යන්තර විගණන අංශය බව පවසමින් පැමිණි පිරිසක් කාර්යාල කාමර කිහිපයක් මුද්‍රා තබා යතුරු රැගෙන යාම බරපතළ සැකයකට තුඩු දී ඇත.
මෙම මුද්‍රා තැබීම මූල්‍ය රෙගුලාසිවලට පටහැනිව සහ නිසි ලේඛනගත කිරීමකින් තොරව සිදු කර ඇති බවට ප්‍රාදේශීය ලේකම්වරිය පෙන්වා දෙයි. කාර්යාලයේ යතුරු බාහිර පාර්ශ්වයක් සතු වීම නිසා එහි ඇති දේපළවලට හානි සිදුවිය හැකි බවට ඇය පොලිසියට පැමිණිලි කර ඇත.
දිට්වා ආපදා සමයේදී අඛණ්ඩව සේවය කරමින් ජනතාවට සහන සැලසීමට කැපවූ නිලධාරිනියක ලෙස ඇය ප්‍රසිද්ධියක් උසුලයි. කෙසේ වෙතත්, වත්මන් සිදුවීම් මාලාව ඇයව අසාධාරණ ලෙස වරදකට හසු කිරීමේ උත්සාහයක් බවට ඇයගේ පාර්ශ්වය චෝදනා කරයි.
