ශ්‍රී ලංකාවේ මහල් නිවාස සංකීර්ණ සහ සහාධිපත්‍ය දේපළ නියාමනය කිරීමේ ප්‍රධාන රාජ්‍ය ආයතනය වන සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය විසින් සිය නව නිල වෙබ් අඩවිය පසුගියදා එළිදක්වන ලදී.

මෙම නව වෙබ් අඩවිය හරහා මහජනතාවට අවශ්‍ය සේවාවන් වඩාත් විනිවිදභාවයකින් සහ කාර්යක්ෂමව ලබාගැනීමට අවස්ථාව සැලසෙන බව බලධාරීන් පවසයි. සේවා ලබාගැනීමේ ක්‍රියාවලිය පහසු කිරීම මෙහි මූලික අරමුණයි.

එමෙන්ම, අගෝස්තු මාසයේ සිට අධිකාරිය මගින් සපයනු ලබන සියලුම සේවාවන් ඩිජිටල්කරණය කිරීමට නියමිත බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම සමාරම්භක අවස්ථාව සඳහා නාගරික සංවර්ධන, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version