ශ්‍රී ලංකාවේ ස්වාධීන ජාතික කාන්තා කොමිෂන් සභාවේ සභාපතිනිය සහ කොමසාරිස්වරුන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය හමුවී තිබේ. මෙම හමුව අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
2024 අංක 37 දරන කාන්තා සවිබලගැන්වීමේ පනත ක්‍රියාත්මක කිරීමේ වත්මන් ප්‍රගතිය පිළිබඳව මෙහිදී අග්‍රාමාත්‍යවරිය දැනුවත් කිරීමට කොමිෂන් සභාවේ නියෝජිතයින් පියවර ගත්හ.
කාන්තා අයිතිවාසිකම් සුරැකීම, ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීම සහ කාන්තාවන් සවිබල ගැන්වීමේ ජාතික න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා පිහිටුවන ලද ප්‍රථම ස්වාධීන ව්‍යවස්ථාපිත ආයතනය මෙය බව නියෝජිතයින් පෙන්වා දුන්හ.
කොමිෂන් සභාව විසින් මේ වන විට අත්කරගෙන ඇති ප්‍රගතිය අග්‍රාමාත්‍යවරියගේ ඇගයීමට ලක්විය. කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් සහ සමානාත්මතාවය උදෙසා එම ආයතනය සිදුකරන කාර්යභාරය පිළිබඳව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සිය ප්‍රසාදය පළ කළාය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර