ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පසුගිය ජූනි මස 16 වැනිදා සිට 30 වැනිදා දක්වා කාලය තුළ දේශීය මුහුදු තීරයේ සිදුකළ විශේෂ මෙහෙයුම් මාලාවකදී නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 27 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙම මෙහෙයුම් නැගෙනහිර, උතුරු සහ වයඹ නාවික විධානයන් විසින් ත්‍රිකුණාමලය, යාපනය, සිලාවතුර සහ මන්නාරම ඇතුළු වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි ක්‍රියාත්මක කර තිබේ.
සැකකරුවන් සතුව තිබූ ඩිංගි යාත්‍රා 10ක් සහ කැනොයි යාත්‍රා 02ක් ද නාවික හමුදා භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ ඔවුන් සතු තහනම් ධීවර ආම්පන්න, පුපුරණ ද්‍රව්‍ය සහ යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා අදාළ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාල සහ පොලිස් ස්ථාන වෙත භාර දී තිබේ.
නීතිවිරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම සහ මුහුදු සම්පත් ආරක්ෂා කිරීම අරමුණු කරගනිමින් නාවික හමුදාව මෙවැනි මෙහෙයුම් අඛණ්ඩව සිදුකරනු ලබයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර