ශ්‍රී ලංකා ජාතික රෝහල සහ මහරගම අපේක්ෂා රෝහල තුළ ස්ථාපිත කර ඇති පෙට් ස්කෑන් (PET Scan) යන්ත්‍ර ද්විත්වය, ඉදිරියේදී සතියේ දින හත පුරාම උපරිම ධාරිතාවයෙන් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.
මෙරට ප්‍රථම වරට රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්වයෙන් දේශීයව නිෂ්පාදනය කරන ලද ෆ්ලොරෝ ඩිඔක්සි ග්ලුකෝස් (FDG) ඖෂධය භාවිත කරමින් මෙම පරීක්ෂණ සේවාවන්හි කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ වැඩසටහන ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. සෞඛ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය සහ ඇක්සස් ඉංජිනේරු සමාගම එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.
මීට පෙර මෙම ඖෂධය විදේශයන්ගෙන් ආනයනය කිරීමේදී පැවති ප්‍රායෝගික ගැටලු සහ ඉහළ පිරිවැය හේතුවෙන් රෝගීන්ට දිගු කාලයක් බලා සිටීමට සිදුවිය. දේශීය නිෂ්පාදනය ආරම්භ කිරීමත් සමඟ එම බාධාවන් මඟහැරී යන අතර, රෝගීන්ට වේගවත් සහ අඛණ්ඩ සේවාවක් ලබාදීමට හැකියාව උදාවේ.
ජාතික රෝහලේ පවතින මානව සම්පත උපරිමයෙන් යොදා ගනිමින් දැනට සතියකට එක් දිනක් සිදුකරන ස්කෑන් පරීක්ෂණ ප්‍රමාණය සතියට දින තුනක් දක්වා ඉහළ නැංවීමට සැලසුම් කර ඇත. මෙම ක්‍රමවේදය ඉදිරියේදී අපේක්ෂා රෝහල සඳහා ද ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මෙරට දිනකට නව පිළිකා රෝගීන් සියයක් පමණ වාර්තා වන බවත්, රෝගීන් කල්තියා හඳුනා ගැනීම සහ ප්‍රතිකාර ලබාදීම සඳහා මෙම පියවර අතිශය වැදගත් බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර