සැබෑ ජාතික සංවර්ධනය යනු භෞතික යටිතල පහසුකම් දියුණු කිරීම පමණක් නොව, ජනතාව තුළ ජාතික අනන්‍යතාවය, සදාචාරාත්මක වටිනාකම් සහ සංස්කෘතික බැඳීම් ශක්තිමත් කිරීම බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය.
ඇය මේ බව සඳහන් කළේ දිවුලපිටිය ප්‍රාදේශීය සභාව සහ දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව පළමු වරට සංවිධානය කළ ‘අනුබුද්ධාභි වන්දනා’ දිවුලපිටිය පොසොන් පෙරහර මංගල්‍යයට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.
අනුරාධපුර යුගයේ සිට අපේ මුතුන් මිත්තන් දසරාජ ධර්මය අනුව රට පාලනය කළ ආකාරය සිහිපත් කළ අග්‍රාමාත්‍යවරිය, බුදු දහමෙන් ලැබුණු ආලෝකය තුළින් ශ්‍රී ලාංකීය ශිෂ්ටාචාරය ලෝකයට දායාද කළ විශිෂ්ට නිර්මාණ ගැන ද අදහස් දැක්වූවාය.
ශ්‍රී දළදා පෙරහර අනුගමනය කරමින් සංවිධානය කළ මෙම පෙරහර වැනි සංස්කෘතික උත්සව, රටේ සමස්ත සංවර්ධන ක්‍රියාවලියට විශාල දායකත්වයක් ලබා දෙන බව ඇය පෙන්වා දුන්නාය. එවැනි උත්සව මගින් අන්‍යයන්ට ගරු කරන, එකමුතුකම අගයන අනාගත පරපුරක් බිහි කළ හැකි බව ද අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය.
මෙම අවස්ථාව සඳහා විදේශ කටයුතු ඇමති විජිත හේරත්, මුදල් හා සැලසුම් නියෝජ්‍ය ඇමති ආචාර්ය අනිල් ජයන්ත, කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර