දශක දෙකකට ආසන්න කාලයක් ශ්‍රී ලාංකීය ටෙලි සහ සිනමා ක්ෂේත්රයේ ජනප්‍රිය රංගන ශිල්පිනියක ලෙස කටයුතු කළ ශලනි තාරකා, සිය කලා දිවියේ නවතම සන්ධිස්ථානය සනිටුහන් කරමින් සිනමා අධ්යක්ෂවරියක ලෙස කරළියට පිවිසීමට සූදානම් වේ. ඇය අධ්‍යක්ෂණය කරන ප්‍රථම සිනමා නිර්මාණය ‘ප්‍රේමියේ’ ලෙස නම් කර ඇත.
මෙම සිනමාපටයේ තිර රචනය ද ශලනි විසින්ම සිදු කර තිබීම විශේෂත්වයකි. ආචාර්ය මාලන් ෆ්‍රැන්සිස් පීටර්සේගේ නිෂ්පාදනයෙන් හැඩවෙන මෙම නිර්මාණයේ පූර්ව ප්රචාරක පටය සහ නිල පෝස්ටරය මෑතකදී කොළඹදී පැවති උත්සවයකදී එළිදැක්විණි.
‘ප්‍රේමියේ’ සිනමාපටය සඳහා ඉන්දියානු කැමරා ශිල්පී ගෝපි ඇතුළු දේශීය හා ජාත්‍යන්තර තාක්ෂණික ශිල්පීන් පිරිසක් දායක වී සිටිති. මෙම සිනමාපටයේ ප්‍රධාන චරිත සඳහා දර්ශන් තවරාජ් සහ ධනුක දිල්ශාන් රංගනයෙන් දායක වේ.
තම රංගන දිවිය පිළිබඳ අදහස් දක්වමින් ඇය පවසා සිටියේ, 2007 වසරේ කිසිදු අත්දැකීමක් නොමැතිව ක්ෂේත්රයට පිවිසි තමා, අද වන විට සිනමා අධ්යක්ෂවරියක ලෙස මෙවැනි නිර්මාණයක් බිහි කිරීම පිළිබඳව තමා නිහතමානීව ආඩම්බර වන බවයි. ඉදිරියේදී තිරගත වීමට නියමිත මෙම සිනමාපටය පිළිබඳව ප්රේක්ෂකයන්ගෙන් දැනටමත් යහපත් ප්‍රතිචාර ලැබෙමින් පවතින බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර