රට තුළ ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු රෝග තත්ත්වය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ආරක්ෂක අමාත්‍යාංශය එක්ව ක්‍රියාත්මක කරන ජාතික වැඩසටහනට සහය පළ කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විශේෂ මෙහෙයුමක් දියත් කළේය.
මෙම වැඩසටහන යටතේ පැලවත්ත හන්දියේ සිට කින්නදෙණිය දක්වා ප්‍රධාන මාර්ගය දෙපස සහ ගුවන්පුර නේවාසික ප්‍රදේශය ආශ්‍රිතව ගුවන් හමුදා සාමාජිකයන් විසින් පිරිසිදු කිරීමේ කටයුතු සිදු කරන ලදී. මීට අමතරව කොග්ගල ප්‍රදේශයේ ද මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.
මදුරුවන් බෝ විය හැකි ස්ථාන හඳුනාගෙන ඒවා විනාශ කිරීම, අවහිර වී ඇති කාණු පද්ධති පිරිසිදු කිරීම සහ මහජනතාව ගැවසෙන ස්ථාන අවට පඳුරු ඉවත් කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ විය.
ත්‍රිවිධ හමුදාවේ සහභාගීත්වයෙන් දිවයින පුරා ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මගින් ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම අවම කිරීමට අපේක්ෂා කෙරේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර