ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 75 වැනි සංවත්සරය සහ වීරවිල ගුවන් හමුදා කඳවුරේ 48 වැනි සංවත්සරය නිමිත්තෙන් විශේෂ පිරිත් පිංකමක් පසුගියදා පැවැත්විණි.

මෙම ආගමික වැඩසටහන වීරවිල ගුවන් හමුදා කඳවුරු පරිශ්‍රයේදී සංවිධානය කර තිබූ අතර, ඒ සඳහා කඳවුරේ නිලධාරීන්, සෙසු නිලයන් සහ සිවිල් කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් සහභාගී වූහ.

රටට සහ ගුවන් හමුදාවට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම මෙන්ම, මාතෘභූමියේ ස්වෛරීභාවය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් සිහිපත් කරමින් පින් අනුමෝදන් කිරීම මෙම පිංකමේ මූලික අරමුණ විය.

පිරිත් දේශනාවෙන් අනතුරුව පසුගිය දින උදෑසන මහා සංඝරත්නය උදෙසා හීල් දානය පිරිනැමීමෙන් ආගමික වතාවත් නිමාවට පත් විය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version